වයස අවුරුදු 30ට අඩු අයට එන්නත දෙන්න සැළසුම් කර ඇති දින වකවානු

වයස අවුරුදු 30ට අඩු අයට එන්නත දෙන්න සැළසුම් කර ඇති දින වකවානු

වයස අවුරුදු 30ට අඩු පුද්ගලයන්ට කොවිඩ් එන්නත ලබා දීම සම්බන්ධයෙන් ඊයේ ( 09) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අදහස් පළ කරනු ලැබුවා

ඒ අනුව ඔහු සඳහන් කළේ , මිලියන 3.5 පමණ වන වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් සඳහා එන්නත්කරණය අගෝස්තු මාසයේ අග සිට ආරම්භ කිරීමට කටයුතු කරන බවයි .

එමෙන්ම සැප්තැම්බර් මස අග වන විට වයස අවුරුදු 30ට අඩු පිරිස් සඳහා එන්නත්කරණය අවසන් කිරීමට බලාපොත්තු වන බව ද විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරනවා

මේ වන විට වයස අවුරුදු 30 ට වඩා වැඩි පුද්ගලයන්ගෙන් 96% ක් පමණ පළමු මාත්‍රාව ලබාගෙන ඇති බවත් මේ මස අවසන් වන විට එම සියලු දෙනාට දෙවන මාත්‍රාව ලබා දී අවසන් කිරීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.

Share This