බස් රථයක මිය ගිය කතක් නිසා ඇති වූ තත්ත්වය

බස් රථයක මිය ගිය කතක් නිසා ඇති වූ තත්ත්වය

හොරණ සිට පානදුර දක්වා ධාවනය වෙමින් පැවති බස් රථයක ගමන් ගනිමින් සිටි කාන්තාවක අසුන්ගෙන සිටියදී ම මියගොස් ඇතැයි පානදුර දකුණු පොලිසිය පවසනවා.

දිනපතා පළවන පුවත්පතකද මේ පුවත පිලිබඳ සටහනක් තබා තිබු අතර මෙම කාන්තාව පානදුර, අළුබෝමුල්ල, ජනප්‍රිය මාවතේ පදිංචිකාරියක බවට පොලිසිය හඳුනාගෙන තිබෙනවා

පානදුර පොලිසිය සඳහන් කරන්නේ ඊයේ (10) පස්වරු 5.40ට පමණ අදාළ කාන්තාවගේ මළ සිරුර පානදුර රෝහලට භාර දුන් බවයි

අසුනට හේත්තු වී නිදාගෙන සිටි කාන්තාව ගැන සැක සිතී බස් රථයේ සහයකයා ඒ පිළිබඳව සොයා බැලීමේදී ඇයගේ මුව විවර වී තිබෙනු දැක බස් රථය පානදුර රෝහල කරා රැගෙන විත් තිබෙනවා

වයස අවු 60 ත් 65 ත් පමණ වයසැති එම කාන්තාව කොරෝනා වෛරස් අසාදිතයෙකු ද යන්න දැන ගැනීම සඳහා පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බව පානදුර පොලිසිය සඳහන් කරනවා.

Share This