මෙරටදී විවාහවී පිටරටදී දික්කසාදය
ශ්‍රී ලංකාවේදී විවාහ වී අනතුරුව විදේශයන්හි පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් එම රටවලදී වෛවාහික නඩු පැවරීමෙන් ලබා ගන්නා තීන්දු ප්‍රකාශ ශ්‍රී ලංකාව තුළ නොපිළිගැනීම හේතුවෙන් එවැනි පාර්ශවයන්ට දුෂ්කරතාවන්ට පත්වීමට සිදුව තිබෙනවා
මෙරට තුළ එවැනි තීන්දුවක් අනුව කටයුතු කිරීමට නම් නැවතත් ඔවුන්ට ශ්‍රී ලංකාවේදී දික්කසාද නඩුවක් පැවරීමට සිදු වනවා
එබැවින් විදේශයන්හි සිදු කෙරෙන දික්කසාද, විවාහය අවලංගු කිරීම් සහ අධිකරණමය වෙන්වීම් පිළිගැනීමට හැකි වන පරිදි නීතිමය විධිවිධාන පැනවීම යෝග්‍ය බවට අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබ ඇති පවුල් නීති උපදේශන කමිටුව නිර්දේශ කර තිබෙනවා
ඒ අනුව විදේශයන්හි සිදුවන දික්කසාද, විවාහ අවලංගු කිරීම් සහ අධිකරණමය වෙන්වීම් මෙරටදී පිළිගැනීම සඳහා නීතිමය විධිවිධාන පැනවීමට හැකි පරිදි පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදනයට උපදෙස් දීම පිණිස අධිකරණ අමාත්‍ය තුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා