මුහුණු ආවරණ තත්පර 5කට හෝ ගැලෙව්වොත් සිදුවන දේ
ඩෙල්ටා වෛරසය ඉදිරි සති දෙකේදී ප්රබලව ක්‍රියාත්මක වනු ඇති බවත් මේ තත්ත්වය තේරුම් ගෙන සංචරණ හැකිතාක් සීමා කරන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නව වෛරස ප්‍රභේද සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා
ජනතාව තමන්ම ” ලොක්ඩවුන් “(අගුලු දැමීම ) විය යුතු බවයි ඔහු සඳහන් කරන්නේ
යම් පුද්ගලයකුට කෑම නැති වුණහොත් කවුරුන් හෝ එය ලබා දෙනු ඇති බවත් ඔක්සිජන් නැති වුවහොත් සිදුවෙන දේ සිතාගැනීමට තමා ජනතාවට යෝජනා කරන බවත් චන්දිම ජීවන්දර මහතා සඳහන් කරනවා
ඩෙල්ටා වෛරසයේ බලපෑම ආරම්භ වූවා පමණක් යැයි පැවසූ ජීවන්දර මහතා මෙහි භයානක බව හොඳින් දැනෙන්නේ ඉදිරියේදී බවද සඳහන් කර සිටිනවා
මේ හේතුවෙන් ඉදිරි සති දෙක තුන ඉතාම තීරණාත්මක බවයි ආචාර්යවරයා පවසන්නේ .
චීනයේ වුහාන් ප්‍රාන්තයේ පැතිර ගිය වෛරස ප්‍රභේදයට වඩා දෙගුණයක පමණ වේගයෙන් ඩෙල්ටා සැර කොරෝනා වෛරස ප්‍රභේදය පැතිරෙන බවත් මුව ආවරණය තප්පර 5ක් ගලවාගෙන සිටියහොත් ආසාදිතයකු බවට පත්වීමට එම කාලය හොඳටම ප්‍රමාණවත් බවත් චන්දිම ජීවන්දර මහතා කියා සිටිනවා
මෙම වෛරස ප්‍රභේදය පැතිරීම වැළැක්වීමට නම් මේ අවස්ථාවේදී දැඩි ක්‍රියාමාර්ගවලට යා යුතු බවද චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙනවා.
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා