මියගිය ඉසිපතනයේ සිසුවා ගැන පත්තරෙන් කියන දේ
කොළඹ ඉසිපතන විද්‍යාලයේ 18 හැවිරිදි ශිෂ්‍යයකුට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉතා අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් මේ පිළිබඳව කතා බහ කෙරුණා
මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 5, පදිංචි සමිත දිල්තුෂාන් නමැති එම පවුලේ වැඩිමහල් දරුවායි.
පසුගිය 15 වැනිදා මෙම දරුවාට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවීම හේතුවෙන් කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා
දරුවාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමෙන් පසු වෛද්‍යවරුන් දරුවා බේරාගැනීම සඳහා දැඩි වෙහෙසක් ගෙන ඇතත් පෙරේදා (16දා) අලුයම් කාලයේදී ඔහු මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ