“ජාතික ව්‍යසනකාරි තත්ත්වයක් වහාම ප්‍රකාශයට පත් කළ යුතුයි” – ජවිපෙ

“ජාතික ව්‍යසනකාරි තත්ත්වයක් වහාම ප්‍රකාශයට පත් කළ යුතුයි” – ජවිපෙ

ජාතික ව්‍යසනකාරි තත්ත්වයක් වහාම ප්‍රකාශයට පත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් ඊයේ (17දා) පාර්ලිමේන්තුවේදී රජයට අවධාරණය කර සිටියා.

එහිදී මන්ත්‍රිවරයා අවධාරණය කළේ කොවිඩ් පාලනය කිරීම සඳහා ජාතික න්‍යාය පත්‍රයකට අනුව රට කටයුතු කළ යුතු බවයි.

ආණ්ඩුව ‘අපි තමයි හොඳට කළේ’ යන උද්ධච්ච න්‍යායන් දැන් හෝ නවත්වා නිසි වැඩපිළිවෙළකට රට පත් කළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා,

මේ සම්බන්ධයෙන් අද (18) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දීද පුවත්පත් වාර්තාවක් උපුටා දක්වමින් කරුණු සඳහන් කළා.

Share This