කොවිඩ් වැළඳී සුවය ලැබුවත් දරුවන් බිලිගන්නා “නිහඬ මාරයා” ගැනයි මේ
කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් දරුවන්ට “නිහඬ මාරයා” යනුවෙන් හැඳින්වෙන ඉතා බරපතළ රෝගී තත්ත්වයක් ( Silent hypoxia) හටගන්නා බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය බාර විශේෂඥ වෛද්‍ය නලින් . සී. කිතුල්වත්ත මහතා සඳහන් කරනවා
දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබු මේ පුවත පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු වුණා.
මේ අතර කොවිඩ් වැළඳුණු දරුවෙකු සුව වීමෙන් පසු සාමාන්‍ය පරිදි කටයුතු කිරීමේදී හෝ සෙල්ලම් කිරීමේදී නොදැනුවත්වම රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩුවීමේ දරුණු තත්ත්වයක් ද ඇතිවන බවයි ඔහු සඳහන් කරන්නේ.
රෝග ලක්ෂණ නොපෙන්වන නිව්මෝනියා තත්ත්වයක් ලෙස එය සැලකෙනවා.
මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.