කරාපිටිය රෝහලේ 112කට කොවිඩ්
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ 112 දෙනෙකුට මෙම මාසය තුලදි කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුව ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා දිනපතා පළවන පුවත්පතකට සඳහන් කර තිබෙනවා
අගොස්තු මස 01 වැනි දින සිට මේ දක්වා කාලය තුළ දී රෝහල් කාර්ය මණ්ඩලයේ සේවකයින්ට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවයි ඔහු පවසා තිබෙන්නේ
කොවිඞ් වෛරසය ආසාදනය වු රෝහල් කාර්ය මණ්ඩලයේ අය අතර වෛද්‍යවරු 09 දෙනෙකු හා හෙද හෙදියන් 45 දෙනෙකු සිටින බවද රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා සඳහන් කරනවා