කොරෝනා සුව වී ‘ගෙදර ගිය පසු’ අක්කාට දොර වැසූ මල්ලී(VIDEO)
කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබා නිවසට ආ හැත්තෑ හතර හැවිරිදි මවක් දින තුනක් තිස්සේ නිවසේ අගුවේ කල් ගත කරන පුවතක් පල්ලෙවෙල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
නිවසේ වෙසෙන තම සහෝදරයා තම සහෝදරිය මෙසේ නිවස තුළට නොගැනීම නිසා අසල්වාසීන්ගේ උපකාරයෙන් දිවි රැකගෙන සිටින බවයි අද (26) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී අනාවරණය කෙරුණේ.
ඇය දිගු කලක් තිස්සේ සිය සහෝදරයා සමඟ මෙම නිවසේ පදිංචිව සිට ඇති අතර පසුගිය දිනක රෝගාතුර වීම හේතුවෙන් මීරිගම රෝහලට ඇතුළත් කර තිබුණා.
එහිදී ඇය කොරෝනා වෛරසය ආසාදිත බව හෙළි වීමෙන් පසු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති අතර පසුව සුව වී නිවසට ගොස් තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අද (26) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් අවදානය යොමු කළ වීඩියෝව පහතින් නැරඹිය හැකියි.