රට වැසීම නිසා දුම්රියේ ආදායමට සිදුවූ දේ

රට වැසීම නිසා දුම්රියේ ආදායමට සිදුවූ දේ

දින දහයක් රට වසා තැබීම හේතුවෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අහිමි වන ආදායම රුපියල් මිලියන 133ක් බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා දිනපතා පළවන පුවත්පතකට පවසා තිබෙනවා.

දිනක් තුළ දුම්රිය ධාවනය නොවීම හේතුවෙන් ලබන පාඩුව රුපියල් මිලියන 13ක් පමණ වන බවයි ඔහු පවසන්නේ

එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව මාසිකව මිලියන 400කට අධික පාඩුවක් ලබන බවත් ඒ මහතා සඳහන් කර තිබෙනවා

රට සාමාන්‍ය තත්ත්වයේ පසුවන අවස්ථාවලදී දුම්රිය දෙපාර්තමේන්තුවේ මාසික ආදායම රුපියල් මිලියන 500ක් ඉක්මවන අතර කොවඩ් ව්‍යාප්තියත් සමඟ එම ආදායම රුපියල් මිලියන 100 දක්වා පහත බැස තිබෙන බවයි වාර්තා වන්නේ

ඒ අනුව මාසිකව රුපියල් මිලියන 400ක් බැගින් ආදායම පහත බැස තිබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික මහතා පවසනවා

සාමාන්‍ය දිනක් තුළ මගී ගමනාගමනය ලක්ෂ තුනහමාරක් පමණ වාර්තා වූවද කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මගීන් 70,000 ක් 75,000ත් අතර ප්‍රමාණයකට අඩු වූ බව පැවසූ ඒ මහතා, දිනකට දුම්රිය 300කට අධික සංඛ්‍යාවක් රට පුරා ධාවනය කෙරුණ ද රට වසා දැමීම හේතුවෙන් එමගින් ලැබූ ආදායම ඇණහිට ඇති බවත් සඳහන් කරනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

Share This