කුඩයක් නිසා ඇතිවූ ගැටුමකින් සිව්දෙනෙක් රෝහලට

කුඩයක් නිසා ඇතිවූ ගැටුමකින් සිව්දෙනෙක් රෝහලට

මහනුවර ජාතික රෝහලේ ආරක්ෂක නිලධාරියකු රැගෙන ගිය කුඩයක් ඇඟේ වැදීමෙන් උරණ වූ ගිලන් රථ රියැදුරකු කළ බැන වැදීමකින් පසු ඇති වූ ගැටුමකින් සිවුදෙනකු තුවාල ලැබ ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙන බව වාර්තා වනවා

තුවාලකරුවන් අතර ආරක්ෂක නිලධාරීන් තිදෙනකු හා එක් ගිලන් රථ රියැදුරකුද  සිටින බවයි පොලිසිය පවසන්නේ

රෝහලේ ආරක්ෂක අංශයේ පිරිසක් සහ ගිලන්රථ රියැදුරන් කිහිපදෙනකු අතර ගැටුමක් ඇතිවූ බවත් තමන් මැදිහත්ව එය සමථයකට පත්කළ බවත් මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා දිනපතා පළවන පුවත්පතකට සඳහන් කර තිබෙනවා

Share This