නිරෝධායන නීති කැඩූ 4කට වැඩ වරදී
නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් බලපත්රයක් නොමැතිව කෙසෙල්ගමුඔයේ මැණික් ගරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙක් (12) දින අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්තාවේ අනවසරෙන් මැණික් ගැරීමට උපයෝගි කරගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගත් බවයි ඔවුන් සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව බොගවාන වතු යාය ප්රදේශයේ පිරිසක් බවත්, ඔවුන් හැටන් මහෙස්ත්රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කරන බවත් බගවන්තලාව පොලිසිය ප්රකාශ කළා.