සූර්වූ ඇමති අනුරපුරේටත් ගිහින් -LTTE සිරකරුවනුත් එළියට අරන් ලු (VIDEO)

සූර්වූ ඇමති අනුරපුරේටත් ගිහින් -LTTE සිරකරුවනුත් එළියට අරන් ලු (VIDEO)

කොළඹ බන්ධනාගාර මූලස්ථානය ට මිතුරන් පිරිසක් සමග බීමතින් අයුතු ලෙස ඇතුළු වූ රාජ්‍ය අමාත්‍යවරයා අනුරාධපුර බන්ධනාගාරයට ද ඒ අයුරින්ම අයුතු ලෙසින් ඇතුළු වී ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබෙනවා

මේ පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා

සිරකරු දිනය නිමිත්තෙන් බන්ධනාගාර මූලස්ථානය සංවිධාන කර තිබූ උත්සව මාලාව සඳහා සහභාගිවීමට ගොස් ඇති මෙම රාජ්‍ය අමාත්‍යවරයා අනුරාධපුර බන්ධනාගාරයට ද එලෙස බීමතින් ඇතුළු වී ඇතැයි සඳහන්

බීමතින් සිට ඇති මෙම රාජ්‍ය අමාත්‍යවරයා සිය ගිනි අවිය ද රැගෙන මිතුරන් කිහිපදෙනකු සමග අනුරාධපුර බන්ධනාගාරයේ LTTE සැකකරුවන් රඳවා ඇති සිරමැදිරිය අසලට ගොස් එහි සිටි රැඳවියන් කිහිප දෙනෙකු සිරමැදිරියෙන් එළියට ගෙන ඇති බවද වාර්තා වනවා

එම සිර මැදිරිය තුළ LTTE සිරකරුවන් අට දෙනකු සිට ඇති අතර ඉන් පස්දෙනකු එළියට ගෙන ඇති මෙම රාජ්‍ය අමාත්‍යවරයා ඉන් දෙදෙනෙකු දණ ගස්සවා ඔවුන්ගේ හිසට පිස්තෝලය එල්ල කර “උඹලා පාඩුවේ හිටියේ නැත්තං තොපි මරනවා ” යැයි පවසා ඇතැයිද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර සිටිනවා

බන්ධනාගාර ආඥා පනත ප්‍රකාරව කිසියම් හෝ අයෙකුට බන්ධනාගාරය තුළට තහනම් ද්‍රව්‍ය එනම් අවි ආයුධ පිහි හෝ මත්ද්‍රව්‍ය රැගෙන යා නොහැකි අතර මේ රාජ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාරයට පැමිණ සිරකරුවන්ගේ සිර මැදිරිය අසලට යෑමෙන් විශාල විනාශයක් සිදු වන්නට ඉඩ තිබූ බවත් යම් හෙයකින් සිරකරුවන් එම පිස්තෝලය උදුරා ගත්තේ නම්, සිදුවන විනාශය සුළුපටු නොවන බවත් බන්ධනාගාර නිලධාරීහු පවසනවා

සිය මිතුරන්ට එල්ලුම් ගස පෙන්වීමට අවශ්‍ය බව කියමින් පිරිසක් ද සමඟ බීමතින් පැමිණි මෙම රාජ්‍ය අමාත්‍යවරයා කොළඹ බන්ධනාගාර මූලස්ථානයටද ඇතුළු වී තිබෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා

එදින කොළඹ බන්ධනාගාර මූලස්ථානය නවක බන්ධනාගාර නිලධාරීන් පුහුණු කිරීම් සිදු වෙමින් පැවති දිනයක් වන බවත්, මෙම රාජ්‍ය අමාත්‍යවරයා එම නවක නිලධාරීන් ඉදිරියට ගොස් ඔවුන්ට අවවාද අනුශාසනා දී ඇති බවත් එම පුවත්පතේ සඳහන් කර තිබෙනවා

 

Share This