සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා 21 වනදා තෙක් රිමාන්ඩ්

සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා 21 වනදා තෙක් රිමාන්ඩ්

රුපියල් ලක්ෂ 74ක් වටිනා සතොස ආයතනයේ සුදු ළූණූ කිලෝ 58,620ක් තම අහිමතය පරිදි පෞද්ගලික වෙළෙඳ ආයතනයකට අළෙවි කර සාවද්‍ය පරිහරණය කළැයි පෑලියගොඩ පොලීසිය අත්අඩංගුවට ගත් සතොස මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ලබන 21 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැලිසර මහේස්ත්‍රාත්වරයා ඊයේ (16) දින නියෝග කර තිබෙනවා

පොලීසිය භාරයට ගත් අදාළ සුදු ළූණූ තොගය නැවත සතොස ආයතනයටත් රුපියල් ලක්ෂ 74ක මුදල අදාළ පෞද්ගලික ආයතනයේ හිමිකරුට විමර්ශන අවසන් වීමෙන් පසුව භාර දෙන ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා පෑලියගොඩ පොලීසියට නියම කරනු ලැබුවා

කැබිනට් තීරණයට අනුව ඉකුත් 2021/7/15 වැනිදා රජය විසින් නිකුත් කරනු ලැබූ හිමිකරුවන් නොමැතිව වරායේ ගබඩා කර ඇති ආහාර ද්‍රව්‍ය රාජසන්තක කර සහන මිළට ජනතාවට ලබාදීමට සතොස ආයතනයට මුදා හැරීමේ ක්‍රමවේදය අනුව මුදාගත් මෙම සුදු ළූණූ බහාලුම් දෙක සැකකරු විසින් පෞද්ගලික තොග වෙළෙද ආයතනයකට අළෙවි කර ඇතැයි පෑලියගොඩ පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

Share This