කිරිපිටි කිලෝවක් ‘රු1145ක් දක්වා’ වැඩි කිරීමට සුදානම් !

කිරිපිටි කිලෝවක් ‘රු1145ක් දක්වා’ වැඩි කිරීමට සුදානම් !

ආනයනික කිරිපිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් දෙසියකින් ඉහළ නැංවීමට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමඟ පැවති  සාකච්ඡාවේදී එකඟතාවක් ඇති වූ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ සම්බන්ධයෙන් අද (20) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේදී ද පුවත්පත් වාර්තා උපුටා දක්වමින් කරුණු සාකච්ඡා කළා.

මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ලබන සතියේ පැවැත්වෙන ජීවන වියදම් කමිටුවේ දී ගැනීමට නියමිත බව ද එහිදී සඳහන් කෙරුණා.

වෙළඳපොලේ කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් ඉහළ නැංවූ හොත් කිරිපිටි කිලෝවක මිල රුපියල් 1145ක් දක්වා ඉහළ යනු ඇති.

වෙළඳපොලේ ග්‍රෑම් 400ක කිරි පැකට්ටුව මිල වැඩි කළහොත් නව මිල වන්නේ රුපියල් 458ක්.

Share This