උසස් පෙළ විභාගය පැවැත්වීම ගැන සාකච්ඡා ආරම්භ කළා – ඇමති දිනේෂ් ගුණවර්ධන
උසස් පෙළ විභාගයට මුහුණ දීමට සිටින සිසුන්ට නියමිත විෂය මාලාව අවසන් කරගැනීමට නොහැකිවීම ආදී ගැටළු සම්බන්ධයෙන්, අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
ඒ පිළිබඳ විභාග කොමසාරිස්වරයා සමගද සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
එමෙන්ම උසස් පෙළ විභාගයට මුහුණ දීමට සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ෆයිසර්(Pfizer) එන්නත ලබාදිම සඳහා ජනාධිපතිවරයා ලබාදී ඇති නියෝගය අනුව දැනටමත් සෞඛ්‍ය අමාත්‍යංශය හා අධ්‍යාපන අමාත්‍යංශය අතර සාකච්ඡා ආරම්භ කර ඇති බවද, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
පළමුව උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට තීරණයක් ගෙන ක්‍රියාත්මක කිරීම සඳහා වැඩසටහනක් දියත් වී ඇති බවද ඔහු කියා සිටියා.
අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ එ.ජා.ප. නායක පා.ම. රනිල් වික්‍රමසිංහ හා ප.ම. චම්පික රණවක අද (2021.09.21), පාර්ලිමේන්තුවේදී නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
මේ අතර පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් කාරක සභාව ලබාදෙන නිර්දේශ, ඇතැම් ආයතන ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් නීති සංශෝධනය කර හෝ පියවර ගැනීමට අවධානය යොමුව ඇති බවද, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා.
යම් අසාධාරණයක් සම්බන්ධයෙන් මහජන පෙත්සමක්, මන්ත්‍රීවරුන් මාර්ගයෙන් ඉදිරිපත් වූ විට මහජන පෙත්සම් කාරක සභාව තීරණයකට එළඹෙන්නේ අදාළ පාර්ශවයන් කාරක සභාවට කැඳවා පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුව බවද සභානායකවරයා සඳහන් කළා.
එලෙස සියලු පාර්ශව ගෙන්වා, විමසා බලා යම්කිසි තීරණයකට එළඹුන පසු එම ආයතන එම නිර්දේශය මගහැරීම, ක්‍රියාත්මක කිරීමට කල් ගත කිරීම සුදුසු නොවන බවද පාර්ලිමේන්තුවේදී ඔහු වැඩිදුරටත් කියා සිටියා.