ළමුන්ටත් ජාතික හැඳුනුම්පත් ?

ළමුන්ටත් ජාතික හැඳුනුම්පත් ?

දරුවන්ගේ අයිතිවාසිකම් සහ සමාජ ආරක්ෂණය තහවුරු කිරීමට  දරුවන් සඳහා හැඳුනුම්පත් අංකයක් ලබා දීමට අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (28) දින ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කර ඇත්තේ, දරුවන්හට කොවිඩ් එන්නත් ලබා දීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටවූ තාක්ෂණික කමිටුවේදී එන්නත් ලබා දෙන දරුවන් සදහා හැඳුනුම්පත් අංකයක් නොමැති වීම පිළිබඳව අවධානය යොමු කළ බවයි

එමෙන්ම 2020 දෙසැම්බර් 30 වන දින “නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව” වෙත ළමා අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා සෑම දරුවෙකුටම උපතේදී ජාතික හැඳුනුම්පත් අංකයක් නිකුත් කරන ලෙසත්, එම අංකය ඇතුළත් හැඳුනුම්පත අවුුරුදු 16දී හෝ ඉන් පෙර ඔවුන්ට ලබා දීමට කටයුතු කරන ලෙසත් යෝජනා කර තිබෙනවා

අදාළ නිවේදනය පහතින්

Share This