සියලුම පුරාවිද්‍යා ස්ථාන නැරඹීමට මාර්ගගත ක්‍රමයට එක් ප්‍රවේශපත්‍රයක්

සියලුම පුරාවිද්‍යා ස්ථාන නැරඹීමට මාර්ගගත ක්‍රමයට එක් ප්‍රවේශපත්‍රයක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා සියලුම පුරාවිද්‍යා ස්ථාන නැරඹීමට මාර්ගගත ක්‍රමයට එක් ප්‍රවේශපත්‍රයක් නිකුත් කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට ඊයේ (7) උපදෙස් ලබා දී තිබෙනවා

ඒ සඳහා සංචාරක මණ්ඩලය සමඟ සාකච්ඡා කරමින් අවසන් තීරණයකට එළැඹෙන ලෙසද අගමැතිවරයා දැනුම් දී තිබෙනවා

එකම ප්‍රදේශයේදී පුරාවිද්‍යා කෞතුකාගාර කිහිපයක් වෙනුවෙන් ප්‍රවේශ පත්‍ර ගැනීමට සිදු වීමෙන් දේශීය සංචාරකයන්ද විවිධ අපහසුතාවලට ලක්වන බවයි අගමැතිවරයා පෙන්වා දී තිබෙන්නේ

යම් පුරාවිද්‍යා කලාපයක කෞතුකාගාර සියල්ල ආවරණය වන පරිදි එක් ප්‍රවේශ පත්‍රයක් සාධාරණ මිලකට හඳුන්වා දෙන්නැයිද කියා තිබෙනවා.

අරලියගහ මන්දිරයේදී ඊයේ (7) පෙරවරුවේ මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ පංච පුද්ගල කමිටුව අදාළ වාර්තාව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට බාර දුන් අවස්ථාවේදී යි මෙලෙස සඳහන් කර තිබෙන්නේ

මෙතෙක් කිසිවකුගේ ඇස නොගැටුණු පුරාවිද්‍යා ස්ථාන මෙරට ඇති බව තමන්ගේ විශ්වාසය බව ප්‍රකාශ කළ අගමැතිවරයා ඒවා පිළිබඳ සොයා බලා අවධානය යොමු කරමින් නිසි ක්‍රියාමාර්ග ගන්නැයි නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

Share This