
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක පත් කිරීමට අනුමැතිය
වී. සිවඥානසෝති මහතාගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරය සඳහා සුන්දරම් අරුමයිනායහම් මහතා පත් කිරීමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ යෝජනාවට, ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (25) රැස් වූ පාර්ලිමේන්තු සභාව සිය එකඟතාව පළ කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසනවා.
හෙතෙම මීට පෙර විදේශ රැකියා සහ වෙළෙඳපොළ විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේද, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේද ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති බවයි පාර්ලිමේන්තු මාධ්‍ය අංශය නිවේදනය කළේ.
එමෙන්ම ජීවන් ත්‍යාගරාජා මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා පී.එස්.එම්.චාල්ස් මහත්මිය පත් කිරීමට ජනාධිපතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාවටද පාර්ලිමේන්තු සභාව එකඟ වී තිබෙනවා.
ඇය මීට පෙර උතුරු පළාතේ ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළාය. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙසත් , රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙසත් ඇය මීට පෙර කටයුතු කර ඇති බව සඳහන්.
මෙම රැස්වීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වුණා.