නව ගුවන් සමාගම් 5ක් ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ඇරඹීමට සූදානම්

නව ගුවන් සමාගම් 5ක් ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ඇරඹීමට සූදානම්

මෙම වසර අවසන්වීමට පෙර නව ගුවන් සමාගම් 5ක් ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ඇරඹීමට නියමිතව ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

සංචාරක ව්‍යාපාරය නැංවීම සඳහා සංචාරක අමාත්‍යංශ අන්තර්ජාතික මට්ටමින් සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙලෙස නව ගුවන් සමාගම් ශ්‍රී ලංකාව සමග අලුතින් ගුවන් ගමන් ඇරඹීම සිදුකෙරෙන බවයි ඇමතිවරයා පවසන්නේ

ඒ අනුව, නොවැම්බර් මස පළමු වන දා සිට ස්විට්සර්ලන්තයේ ඒඩ්ල්වයිස් ගුවන් සේවය සතියකට ගුවන් ගමන් වාරයක් හා රුසියාවේ එයාරෝ ෆ්ලොට් ගුවන්සේවය සතියකට ගුවන් ගමන් වාර දෙකක් බැගින් ද ආරම්භ කිරීමට නියමිතයි

නොවැම්බර් මස තුන් වන දා සිට ප්‍රංශයේ එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගම සතියකට ගුවන් ගමන් වාර තුන බැගින් ද මෙරටට පැමිණෙන බවයි සඳහන් වන්නේ

එමෙන්ම දෙසැම්බර් පළමු සතියේ සිට රුසියාවේ එයාර් අසුර් ගුවන් සේවය ගුවන් වාර දෙක බැගිනුත්, ඉතාලියේ නියෝස් එයාර් ගුවන් සේවය සතියකට ගුවන් ගමන් වාර දෙක බැගිනුත්,මෙරටට පැමිණීමට නියමිතයි

දැඩි සෞඛ්‍ය හා ආරක්ෂක ක්‍රමවේදයන්ට යටත්ව මෙවැනි අන්තර්ජාතික ගුවන් ප්‍රවාහන කටයුතු පවත්වාගෙන යමින් ගුවන් සේවාව මගින් ජාතික ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබාදීම සිය අරමුණ වී ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා

Share This