කතරගම දේවාලයේ පවුම් 38ක රන් තැටියක් අතුරුදන්

කතරගම දේවාලයේ පවුම් 38ක රන් තැටියක් අතුරුදන්

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලය සතුව තිබූ පවුම් 38ක රන් තැටියක් සොරාගෙන ගොස් ඇතැයි වාර්තා වනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහා අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් කතරගමට ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් දිනපතා පළවන පුවත්පතකට සඳහන් කර තිබෙනවා.

පවුම් 38ක් පමණ බර මෙම රන්තැටිය බැතිමතකු 2019 වසරේ පූජා කරන ලද්දක් බවයි පැවසෙන්නේ.

මීට සති දෙකකට පමණ ඉහතදී මෙම රන්තැටිය සොරා ගැනීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් පොලිසිය වෙත ලැබී තිබෙන බවද සඳහන්.

Share This