ශ්‍රී ලංකා මහ බැංකුව විදේශීය ප්‍රේෂණ ප්‍රවර්ධනය පහසු කිරීමේ දෙපාර්තමේන්තුව ස්ථාපිත කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විදේශීය ප්‍රේෂණ ප්‍රවර්ධනය පහසු කිරීමේ දෙපාර්තමේන්තුව ස්ථාපිත කරයි

ආසන්න වශයෙන් 100% ක දේශීය අගය එකතු කිරීමකින් සමන්විත වන ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම්වල ප්‍රධාන මූලාශ්‍රයක් වන සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, රටේ විදේශීය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා සැළකිය යුතු දායකත්වයක් ලබා දෙනවා.

පසුගිය දශක දෙක තුළ දී වාර්ෂික වෙළෙඳ ගිණුමෙහි හිඟයෙන් 80% ක් පමණ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවලින් ආවරණය වී ඇති අතර, රට තුළට විදේශීය ප්‍රේෂණ ගලා ඒම ශක්තිමත් වීම මගින් විධිමත් බැංකු පද්ධතිය තුළට විදේශ විනිමය ගලා ඒම් සුමට වීම සහ ආදායම හා ප්‍රාදේශීය විෂමතාවන් අවම වීම යනාදී සමාජ ආර්ථික ප්‍රතිලාභ රැසක් ජනිත වන බවයි මහා බැංකුව නිවේදනය කරන්නේ..

මෙම පසුබිම තුළ, සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ රට තුළට ගලා ඒමට පහසුකම් සැලසීම සහ එය විධිමත් කිරීම සඳහා 1949 අංක 58 දරන මුදල් පනතේ විධිවිධාන යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2021.11.03 දින සිට බලපැවැත්වෙන පරිදි නව දෙපාර්තමේන්තුවක් “විදේශීය ප්‍රේෂණ ප්‍රවර්ධනය පහසු කිරීමේ දෙපාර්තමේන්තුව” නමින් ස්ථාපිත කර තිබෙනවා.

මෙම දෙපාර්තමේන්තුවට අදාළ ඇමතුම් විස්තර පහත පරිදි වේ.

විදේශීය ප්‍රේෂණ ප්‍රවර්ධනය පහසු කිරීමේ දෙපාර්තමේන්තුව, අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01
දුරකථනය: +94 11 247 7101 සහ +94 11 2 477 000
ෆැක්ස්: +94 11 247 7710
විද්‍යුත් ලිපිනය: [email protected]

Share This