ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළට කොවිඩ් නිසා සිදුවූ දේ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළට කොවිඩ් නිසා සිදුවූ දේ

කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබු ක්‍රිකට් තරගාවලියට සහභාගි සිටි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් හත් දෙනෙක් ‘කොවිඩ්’ ආසාදිතයන් වීම නිසා ගුවන් යානයට ප්‍රවේශකරගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේහි සිරවී සිටින බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

එම තරගාවලියට සහභාගී වී සිටි සෙසු විදේශ කණ්ඩායම් අට ඊයේ (27) එකම ගුවන් යානයෙන් ඩුබායි බලා පැමිණි අතර එම ගුවන් යානයට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රවේශකරගැනීමට සෙසු කණ්ඩායම් අකමැති වීම නිසා ශ්‍රී ලංකා පිලට තව දුරටත් සිම්බාබ්වේහි රැදී සිටීමට සිදුව තිබෙන බවයි වාර්තා වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පුවත්පතට  සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පමණක් තනි ගුවන් යානයක් වෙන්කරවා ගැනීමට මේ වන විට ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඒ සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාව ද සහයෝගය දක්වන බවයි.

Share This