නායයෑම් සිදුවන ප්‍රදේශයක මිනිරන් කැණීමට බලපත්‍රයක් නිකුත් කරලා

නායයෑම් සිදුවන ප්‍රදේශයක මිනිරන් කැණීමට බලපත්‍රයක් නිකුත් කරලා

මාතලේ අඹන්ගඟකෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාය යන බවට අනතුරු අඟවා ඇති පුස්සැල්ල ප්‍රදේශයේ මිනිරන් කැණීම සඳහා භූ විද්‍යා පතල් හා කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් කොළඹ පිහිටි සමාගමකට ලබාදී ඇති කැණීම් බලපත්‍රය අත්හිටුවන්නැයි මාතලේ දිස්ත්‍රික් පාරිසරික නිති ක්‍රියාත්මක කිරිමේ කමිටුවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

මාතලේ අතිරේක දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදි පැවති කමිටු රැස්වීමට මෙම යෝජනාව ඉදිරිපත් වී තිබෙනවා

අඹන්ගගකෝරළයේ ප්‍රාදේශිය ලේකම්වරයා සඳහන් කර තිබෙන්නේ මෙම ප්‍රදේශයේ නායයෑම්  සිදු වන බවට වාර්තා නිකුත් කර තිබියදිත්  භූ විද්‍යා පතල් හා කැණීම් කාර්යංශයෙන්  මෙම බලපත්‍රය නිකුත් කර ඇති බවයි.

ප්‍රාදේශිය ලේකම්වරයාගේ නිර්දේශය මේ සඳහා ගතයුතු වුවත් ඒ කිසිවක් සිදු‍වී නොමැති බවත්ය.

කොළඹ ප්‍රදේශයේ සමාගමක් අනවසරයෙන් කැණිම් සිදු කරන බවට මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත ග්‍රාම නිලධාරින් මාර්ගයෙන් අදාළ පරික්ෂණ පවත්වා කැණිම් කටයුතු නවතා දැමිමට කටයුතු කර ඇති බවත් ඊට පසුව මෙම බලපත්‍රය ලබාගෙන ඇතැයි ද ප්‍රදේශීය ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.

Share This