මිල ඉහළ ගිය නිසා පාන් ගෙඩියට සිදුවූ දේ

මිල ඉහළ ගිය නිසා පාන් ගෙඩියට සිදුවූ දේ

පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දැමීම සහ සෙසු බේකරි නිෂ්පාදනවල මිල ද ඉහළ දැමීමත් සමඟ බේකරි නිෂ්පාදනවලට ඇති ඉල්ලුම සැළකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව බේකරි හිමියෝ සඳහන් කරන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

රෝස්පාන් සහ බනිස් ගෙඩියක් රුපියල් 30 ක්, බිත්තර පාන් ගෙඩියක් රුපියල් 60 ක් ලෙස සෙසු බේකරි නිෂ්පාදනවල මිල ද ඉහළ යෑමෙන් සෙසු නිෂ්පාදන සඳහා ඉල්ලුම ද වැඩි ප්‍රතිශතයකින් පහළ ගොස් තිබෙනවා.

පාන් මිල ඉහළ දැමීමට පෙර උදයවරුවේ පමණක් පාන් ගෙඩි 250 ක් පමණ අළෙවි කළ ද මේ වන විට අළෙවි වන පාන් ගෙඩි සංඛ්‍යාව 100 ක් පමණ වී ඇති බවද එම පුවත්පත සඳහන් කරනවා.

මෙම තත්ත්වය මත සෙසු බේකරි නිෂ්පාදන ප්‍රමාණය අඩු කිරීමට පියවර ගත් බවයි බේකරි නිෂ්පාදකයෝ පවසන්නේ.

Share This