8 හැවිරිදි දරුවෙකු ළිඳකට වැටී ජීවිතක්ෂයට

8 හැවිරිදි දරුවෙකු ළිඳකට වැටී ජීවිතක්ෂයට

යාපනය පේදුරුතුඩුව, නාච්චිමලර් කෝවිල් අඩි ප්‍රදේශයේ ගෙවත්තක පිහිටි ළිඳක සිය සහෝදරිය සමග විනෝදයට මසුන් අල්ලමින් සිටි 8 හැවිරිදි දරුවකු එම ළිඳට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිය සහෝදරයා ළිඳට වැටුණු අවස්ථාවේ, සහෝදරිය ඒ බව අවට පුදගලයන්ට ප්‍රකාශ කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරුව ඔවුන් හැකි ඉක්මනින් දරුවා පේදුරුතුඩුව රෝහල වෙත රැගෙන ගොස් තිබුනද ඒ වන විට එම දරුවා මිය ගොස් සිටි බවයි වෛද්‍යවරු ප්‍රකාශ කර ඇත්තේ.

පේදුරුතුඩුව පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වනවා.

Share This