මෙරට වෙළඳ භාණ්ඩ අපනයනය ඉහළට

මෙරට වෙළඳ භාණ්ඩ අපනයනය ඉහළට

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව 2020 නොවැම්බර් මාසයට සාපේක්ෂව 2021 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය 55.11% කින් , ඇමරිකානු ඩොලර් මිලියන 1,215.6 දක්වා වැඩි වී තිබෙනවා.

ඒ අනුව මේ වසරේ නොවැම්බර් මාසයේදී අඛණ්ඩව පස්වැනි වරටත් ඩොලර් බිලියනයකට වඩා ඉහළ මට්ටමක අපනයන ආදායම පවත්වා ගෙන ඇති බවයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරන්නේ.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී ද මෙල් මහතා පැවසුවේ 2021 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන තවත් බිලියනයක මාසික වටිනාකමක් වාර්තා කරමින් එහි කැපී පෙනෙන ජයග්‍රහණයක් වාර්තා කරන බවයි.

අපනයන වර්ධනයට හේතු වූයේ ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතය ඵලදායි ලෙස වැළැක්වීම සහ පාලනය කිරීම පමණක් නොව මෙවැනි අර්බුදකාරී තත්ත්වයකදී විදේශ මුදල් උපයා ගනිමින් ජාතික ආර්ථිකයට සහාය වීමට අපනයන ප්‍රජාව ලබාදුන් දායකත්වය බවයි ඔවුන් කියා සිටින්නේ.

 

Share This