කොවිඩ් දත්තවල අඩුපාඩු ගැන සෞඛ්‍ය පරීක්ෂකවරු දකින හැටි

කොවිඩ් දත්තවල අඩුපාඩු ගැන සෞඛ්‍ය පරීක්ෂකවරු දකින හැටි

රට තුළ දෛනිකව ප්‍රකාශයට  පත්කරන කොවිඩ් ආසාදිතයන්ට වඩා වැඩි ප්‍රමාණයක් රෝගීන් වාර්තා වන බවත් ප්‍රසිද්ධ කරනු ලබන දත්ත සාවාද්‍ය බවත් ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

වැඩිදුරටත් අදහස් දක්වමින් උපුල් රෝහණ මහතා පවසන්නේ ” රට තුළ ප්‍රකාශයට පත්කරනවට වඩා විශාල ප්‍රමාණයක් ආසාදිතයන් වාර්තා වනවා. ප්‍රසිද්ධ කරන සංඛ්‍යා දත්ත සාවද්‍යයි. වාර්තා වන මරණ සංඛ්‍යාව ගැන බරපතල ගැටලු නිර්මාණය වි තිබෙන බවයි.

එමෙන්ම වසංගත තත්ත්වය පැතිරෙමින් යනවා. මේ වන විට ඔමික්‍රොන් ආසාදිතයන් හතක් හඳුනාගෙන තිබෙනවා. හඳුනා නොගත් රෝගීන් තවත් සිටිය හැකියි.

Share This