ලිංගික ජාවාරම් සඳහා අනුබල දුන් කතට ලැබුණු දඬුවම

ලිංගික ජාවාරම් සඳහා අනුබල දුන් කතට ලැබුණු දඬුවම

ලොව ධනවත් සහ බලවත් පුද්ගලයින් ඉලක්ක කරගනිමින් ලිංගික ජාවාරම් සඳහා අනුබල දුන් බවට චෝදනා ලැබූ බ්‍රිතාන්‍ය සමාජ ක්‍රියාකාරිණියක් වන ගිස්ලේන් මැක්ස්වෙල් නැමැත්තිය වරදකරු බවට එරට අධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඇයට වසර 65 ක සිරදඬුවමක් හිමිවනු ඇති බවටයි වාර්තා වන්නේ.

බ්‍රිතාන්‍යයේ එළිසබෙත් රැජිණියගේ පුත් ඇන්ඩෘ කුමරු සහ අමෙරිකාවේ හිටපු ජනපති බිල් ක්ලින්ටන් ඇතුළු ලොව අතිශය ජනප්‍රිය සහ බලවත් පුද්ගලයින්ට බාලවයස්කාර දැරියන් ලබාදෙමින් ලිංගික ජාවාරම් සඳහා අනුබල දී ඇති බවට ඇයට දැඩි චෝදනා එල්ල වුණා.

ඒ අනුව, ඒ සම්බන්ධයෙන් ඇයට එරෙහිව ගොනු කෙරුණු චෝදනා විමසා බැලීමේදී ඇය වරදකාරිය කිරීමටයි අධිකරණය තීරණය කර ඇත්තේ.

Share This