එන්නත් කර තිබුනත් මගී නැව්වල යන්න එපා -ඇමරිකානුවන්ට ලැබුණු පණිවුඩය
Covid-19 පිළිබඳ සැලකිල්ලට ගෙන එන්නත් කර තිබුනත් මගී නැව්වල ගමන් කිරීමෙන් වළකින ලෙස එක්සත් ජනපද රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය ඇමරිකානුවන්ට අනතුරු අඟවා තිබෙනවා.
එක්සත් ජනපද රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසන්නේ නෞකාවක පවතින සීමිත අවකාශයන් තුළ වෛරසය ඉක්මනින් පැතිර යා හැකි බවත් ආසාදනය වීමේ සම්භාවිතාව ඉහළ බවත්ය.
එමෙන්ම සංචාරක නැව් සඳහා වන සංචාරක අනතුරු ඇඟවීම තුන්වන මට්ටමේ සිට හතරවන මට්ටම දක්වා ඉහළ නංවා ඇති බවයි පැවසෙන්නේ .
එක්සත් ජනපද රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසන්නේ දැනට Covid-19 වළක්වා ගැනීමේ අරමුණින් කෲස් නැව් 90 කට අධික ප්‍රමාණයක් නිරීක්ෂණය කරන බවයි.
ඔමික්‍රොන් ප්‍රභේදය හඳුනාගැනීමෙන් පසු කෲස් නැව්වල ආසාදිතයින් වැඩිවී ඇති බවත් බූස්ටර් මාත්‍රාවක් ලබා ගෙන සම්පූර්ණයෙන්ම එන්නත් කළ මගීන්ට පවා නැව්වල සිටියදී වෛරසය පැතිර යා හැකි බවටත් අනතුරු අඟවා තිබෙනවා.
එන්නත් කිරීමේ තත්ත්වය කුමක් වුවත්, නෞකාවේ මගීන් ඔවුන්ගේ ගමනට පෙර දින සිටම දින පහ දක්වා කාලයක් තුළ කොවිඩ් පරීක්ෂාවට ලක් කරන ලෙස එක්සත් ජනපද රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය දැනුම් දෙනවා .
එන්නත් නොකළ මගීන් නැවෙන් බැසීමෙන් පසු සතියක් ස්වයං හුදකලා විය යුතුයි .
මේ අතර රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙන්නේ එක් යාත්‍රාවක් – ක්වීන් මේරි 2 – බාබඩෝස් හි පවතිනු ඇති අතර අමතර කාර්යය මණ්ඩලයක් ගෙන එන බැවින් පූර්වාරක්ෂාව ලෙස නිව්යෝර්ක් වෙත ආපසු නොයන බවයි.