චීනයේ ෂියාන් නගරය වසා දැමීමෙන් ජනතාව අපහසුතාවයට
චීනයේ ෂියාන් නගරය පසුගිය දා අගුලු දමා වසා දැමුණේ කොවිඩ් මර්දනය කර ගැනීමේ පුර්වාරක්ෂාවක් ලෙසයි.
මේ වනවිට සමහර නිවැසියන් පවසන්නේ ප්‍රමාණවත් සැපයුම් ඇති බවට නිලධාරීන් අවධාරනය කරන නමුත් ඔවුන්ට ප්‍රමාණවත් ආහාර නොමැති බවයි.
කොවිඩ් පැතිරීම වළක්වා ගැනීමට බලධාරීන් උත්සාහ කළ බැවින් පසුගිය සතියේ මිලියන 13 කට වැඩි පිරිසකට නිවසේ රැඳී සිටින ලෙස නියෝග කරනු ලැබුවා
සීමිත තත්ත්වයන් යටතේ හැර මිනිසුන්ට පිටව යාමට අවසර දී නොමැති අතර ආහාර මිලදී ගැනීමට පවා පිටතට යා නොහැකියි.
ෂියාන් නගරය වසා දමා මේ වනවිට දින නවයක කාලයක් ගතව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .
නගරයේ බස් නැවතුම් පොළවල් වැසීමෙන් , පිටතට යන ගුවන් ගමන් අවලංගු කිරීමෙන් සහ ෂියාන්හි පිහිටා ඇති ෂැන්සි පළාතේ මිලියන ගණනකට කොවිඩ් පරීක්ෂණ පැවැත්වීමෙන් කොවිඩ් පැතිරීම වළක්වා ගැනීමට දැඩි උත්සාහයක් ගෙන තිබෙනවා
මුලින් සෑම නිවසකටම එක් පුද්ගලයෙකුට පමණක් ආහාර මිලදී ගැනීම සඳහා සෑම දින දෙකකට වරක් නිවසින් පිටවීමට ඉඩ ලබා දුන් අතර මේ වනවිට නිවැසියන්ට කොවිඩ් සඳහා පරීක්ෂා කර ගැනීමට හැර නිවෙස්වලින් පිටවීම තහනම් කර තිබෙන බව සඳහන් .
මෙම තහනම පැනවූ දිනයේ සිට මිනිසුන් තවමත් රජයෙන් නොමිලේ සැපයුම් ලැබී නොමැති බව පවසමින් ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට උදව් ඉල්ලමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.