රුසියානු ජාතිකයන් දෙදෙනෙක් හික්කඩුවේදී දියේ ගිලී ජීවිතක්ෂයට (වීඩියෝ)
හික්කඩුව මුහුදු වෙරළේ දිය නාමින් සිටි විදේශිකයින් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිතිබෙනවා.
ඔවුන්ගෙන් එක් අයෙකුගේ සිරුර ඊයේ (31) පස්වරුවේ හමුවූ අතර, අනෙක් පුද්ගලයාගේ සිරුර හමු වූයේ ඊයේ (31) මධ්‍යම රාත්රියේදීයි.
හික්කඩුව වෙරළේ දිය නාමින් සිටි විදෙස් ජාතිකයින් දෙදෙනෙකු මුහුදට ගසාගෙන ගොස් ඇත්තේ ඊයේ (31) පෙරවරුවේයි.
ඔවුන්ගේ සිරුරු මේ වනවිට කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබෙනවා.
මෙසේ මරණයට පත්ව ඇත්තේ අවුරුදු 33ක් හා 30ක් වයසැති රුසියානු ජාතිකයන් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.