සුඩාන අගමැති ඉල්ලා අස්වෙයි (VIDEO)
මහජන විරෝධතාවලින් පසු සුඩාන අගමැති අබ්දල්ලා හම්ඩොක් ඉල්ලා අස්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
“ජනතාවට බලය” යනුවෙන් හඬ නගමින් විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ නැවත පූර්ණ සිවිල් පාලනයක් ඇති කරන ලෙසයි.
එහෙත් හමුදාව විසින් තවත් ප්‍රචණ්ඩකාරී මර්දනයක් දියත් කළ අතර, එයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
හම්ඩොක් මහතා ඉල්ලා අස්වීමට ගත් තීරණය හමුදාවට සම්පූර්ණ පාලනය ලබාදෙන්නක් බවයි පැවසෙන්නේ