අයර්ලන්තයේ වයස අවුරුදු පහේ සිට 11 දක්වා ළමුන්ටත් කොවිඩ් මර්දන එන්නත
අයර්ලන්තයේ වයස අවුරුදු පහේ සිට 11 දක්වා ළමුන්ට කොවිඩ් 19 එන්නත් ලබා ගැනීම සඳහා ලියාපදිංචි විය හැකි බව එරට සෞඛ්‍ය අංශ පවසනවා.
ප්‍රධාන සායනික නිලධාරියා පවසා තිබෙන්නේ පවතින තත්වයන් මත අවදානම් සහිත දරුවන් සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයෙකු සමඟ ජීවත් වන දරුවන්ට මෙහි ප්‍රමුඛත්වය ලැබෙන බවයි .
එමෙන්ම වයස අවුරුදු 16ට වැඩි අය සඳහා බූස්ටර් එන්නත් ලබා දීම මහජන සෞඛ්‍ය නිලධාරීන් සැලසුම් කර තිබුණාට වඩා සතියකට පෙර ලබා දීමට තීරණය කර තිබෙනවා
ප්‍රධාන සායනික නිලධාරි වෛද්‍ය කොල්ම් හෙන්රි පවසන්නේ ඉදිරි සති දෙක තුළ වයස අවුරුදු 5 සිට 11 දක්වා ළමුන් සඳහා එන්නත් ලබාදීම ආරම්භ කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.