හයිටි අගමැති ඝාතන තැතක් (VIDEO)
හයිටි රාජ්‍යයේ නිදහස් සංවත්සරය වෙනුවෙන් පැවති උත්සවයකදී තුවක්කුකරුවන් විසින් හයිටි අගමැති ඒරියල් හෙන්රි ඝාතනය කිරීමට උත්සාහ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අගමැතිවරයා උතුරු ගෝනයිව්ස් නගරයේ දේවස්ථානයක උත්සවයට සහභාගී වෙමින් සිටියදී මෙම සිදුවීම සිදුවූ බවයි පැවසෙන්නේ .
දැඩි වෙඩි හුවමාරු මධ්‍යයේ අගමැතිවරයා සහ ඔහුගේ පිරිස ඔවුන්ගේ මෝටර් රථය දෙසට ගමන් කර තිබෙනවා
මෙම ඝාතන තැත පිටුපස “කොල්ලකරුවන් සහ ත්රස්තවාදීන්” සිටින බවත්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති බවත් අගමැති කාර්යාලය ප්‍රකාශ කර තිබෙන බව සඳහන්.
සන්නද්ධ පිරිස් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ වෙඩි හුවමාරුවෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.