ඉතියෝපියාවේ රෝහල්වල පවතින අඩුපාඩු නිසා ජීවිත අවදානමේ
රෝහල්වල පවතින අඩුපාඩු හේතුවෙන් ඉතියෝපියාවේ ජිවිත අහිමි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
ඉතියෝපියාවේ රෝහල්වල ජුනි මාසයේ සිට ඖෂධ හා උපකරණ සැපයුම් අඩුවීම හේතුවෙන් ජීවිත අහිමි වන බව එරට වෛද්‍යවරු සඳහන් කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ
ඉතියෝපියාවේ ටයිග්‍රේ කලාපයේ තිබෙන විශාලතම රෝහලේදී, ගුවන් ප්‍රහාරයකින් තුවාල ලැබූ දරුවෙකු වෛද්‍යවරුන්ගේ ගෝස් සහ තවත් ඖෂධ අවසන් වීම නිසා ලේ වහනය වීමෙන් මිය ගොස් තිබෙනවා .
රුධිරය මාරුකිරීම සඳහා අවශ්‍ය රුධිරය නොමැතිකම නිසා බිළිඳෙකුද ජිවිතක්ෂයට පත්ව තිබෙන බවත්
එමෙන්ම රෝහලට ඇතුළත් කර ඇති සියලුම දරුවන් මන්දපෝෂණයේ සලකුණු පෙන්නුම් කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා