පාසල් ළමුන්ට අද සිට කොවිඩ් එන්නත (වීඩියෝ)

පාසල් ළමුන්ට අද සිට කොවිඩ් එන්නත (වීඩියෝ)

කොවිඩ් ව්‍යවසනය හමුවේ සිදුවන මෙරට එන්නත්කරණයේ තවත් පියවරක් අද (07) උදෑසන ආරම්භ කෙරුණා.

ඒ, වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන් සඳහා වන එන්නත්කරණ වැඩසටහනයි.

අද (07) උදෑසන මෙම වැඩසටහන ආරම්භ කෙරුණේ රිජ්වේ ආර්යා ළමා රෝහලේදීයි.

ඒ අනුව දිවයින පුරා සෞඛ්‍ය අංශවල සහ ආරක‍ෂක අංශවල මැදිහත්වීමෙන් කොවිඩ් මර්දන එන්නත ළමුන් සඳහා ලබාදීම මේ වන විට සිදු කෙරෙනවා.

එමෙන්ම කොවිඩ් මර්දන තෙවන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත මේ වන විට 4,229,162 දෙනෙකුට සඳහා ලබා දී අවසන් බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කළේ.

 

Share This