ඇතැම් රටවල යටත් විජිත භාවයේ ගොදුරක් බවට මෙරට පත්ව ඇති බව සජිත් කියයි (වීඩියෝ)
රටේ ආර්ථීකය කඩා වැටීම තුළ මේ මොහොත වන විට ඇතැම් රටවල යටත් විජිත භාවයේ ගොදුරක් බවට මෙරට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ ඊයේ (07) වවුනියාවේ පැවති ජනහමුවකට එක්වෙමින්.
වවුනියාවට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වවුනියාව ශ්‍රී බෝධිදක්ෂිනාරාමයට ගොස් ආගමික වත්වත්වල නිරත වී මහා සංඝරත්නය ද හමු වුණා.
අනතුරුව වව්නියාවේ ක්‍රිස්තියානු පූජකතුමන්ලා ද විපක්ෂ නායකවරයා හමු වුණා.