ගුවන් ප්‍රහාර නිසා මිය ගිය ඉතියෝපියානුවන් ගැන ලෝක බලවතාගේ කණගාටුව

ගුවන් ප්‍රහාර නිසා මිය ගිය ඉතියෝපියානුවන් ගැන ලෝක බලවතාගේ කණගාටුව

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඉතියෝපියාවේ අගමැති අබි අහමඩ් මහතා  සමඟ කළ දුරකථන ඇමතුමකදී ඉතියෝපියාවේ මෑත කාලීන ගුවන් ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් මිය යාම පිළිබඳව කණගාටුව පළ කර තිබෙනවා.

වයඹදිග ටයිග්‍රේ හි ගුවන් ප්‍රහාරයකින් අවතැන් වූවන් 50 කට වැඩි ප්‍රමාණයක් මිය ගිය බවට වාර්තා වීමෙන් පසුව එක්සත් ජනපද ජනාධිපතිවරයා මෙලෙස ඉතියෝපියාවේ අගමැතිවරයා සමග දුරකථනයෙන් සාකච්ජා කළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ධවල මන්දිර ප්‍රකාශකයෙක් පවසා තිබෙන්නේ එක්සත් ජනපද ජනාධිපතිවරයා ටිග්‍රායන් කැරලිකරුවන් සමඟ යුද්ධය සාමකාමී ලෙස අවසන් කිරීමට සහාය දෙන බවට මෙහිදී  ප්‍රතිඥා දුන් බවයි.

 

 

Share This