යුරෝපීය පාර්ලිමේන්තුවේ සභාපති මිය යයි

යුරෝපීය පාර්ලිමේන්තුවේ සභාපති මිය යයි

යුරෝපීය පාර්ලිමේන්තුවේ සභාපති ඩේවිඩ් සසෝලි වයස අවුරුදු 65 දී මිය ගිය බව ඔහුගේ ප්‍රකාශකයා පවසන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

සසෝලි මහතා පසුගිය මාසයේ ඉතාලියේ රෝහලට ඇතුළත් කරනු ලැබුවේ ඔහුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති වූ බරපතල සංකූලතාවයක් හේතුවෙන්  බවයි පැවසෙන්නේ.

ඔහු  Aviano හි රෝහලකදී මිය ගිය බව ඔහුගේ ප්‍රකාශක Roberto Cuillo Twitter හි නිවේදනය කර තිබෙනවා.

සැප්තැම්බර් මාසයේදී  Sassoli මහතා ස්ට්‍රාස්බර්ග් හි රෝහලට ගෙන යන ලද අතර එහිදී ඔහුට නියුමෝනියාව සඳහා ප්‍රතිකාර කරනු ලැබුවා.

සති දෙකකට වැඩි කාලයක් බරපතල ලෙස රෝගාතුරව සිටි අතර සියලු නිල කටයුතුද  අවලංගු කරනු ලැබුවා

සසෝලි මහතා මාධ්‍ය වේදියෙකු ලෙස කටයුතු කළ පුවත්පත් කලාවෙන් ඉවත් වී  2009 හි යුරෝපීය පාර්ලිමේන්තුවේ (MEP) සාමාජිකයෙකු බවට පත්වුණා .

 

 

Share This