ගිණුම් පිළිබඳ තොරතුරු සඟවන බවට ඉම්රාන්ට චෝදනා
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තමන්ගේ බැංකු ගිණුම් පනස් තුනක් පිළිබඳව තොරතුරු සඟවන බවට චෝදනා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
පාකිස්ථානයේ ජමයිත් උලමා ඊ ඉස්ලාම් පක්ෂයේ නායක ෆස්ලූර් රෙහෙමාන්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත්තේ එරට මැතිවරණ කොමිසමට ඔහු මෙම තොරතුරු ලබාදී නොමැති බවයි.
විදේශ මුදල් උපයා ගැනීම් සම්බන්ධයෙන් තොරතුරු ද සඟවා ඇති බවත් දූෂණ විරෝධී චරිතයක් ලෙස බලයට පැමිණිය ද ඔහු සහ ඔහුගේ පක්ෂය දූෂණ වංචා රැසකට සම්බන්ධ බවත් රෙහෙමාන් සඳහන් කර තිබෙනවා.
පාකිස්ථානය මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති අතර උද්ධමනය ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
ඩොලරයට සාපේක්ෂව පාකිස්ථානයේ රුපියලේ අගය පහළ ගොස් ඇත්තේ ඉතිහාසයේ ඉහළම අගයන් වාර්තා කරමිනුයි.