ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රතු එළියක්
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ඉදිරි සති 6 ත්, 8 ත් අතර කාලය තුළ යුරෝපයේ ජනගහනයෙන් හරි අඩකට පමණ ඔමික්‍රෝන් ආසාදිත විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.
විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධාන බලධාරීන් පෙන්වා දී ඇත්තේ මේ වසරේ ගෙවුණු මුල් සතිය තුළ යුරෝපයෙන් පමණක් හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 7 ඉක්මවා ඇති බවයි.
ලොව පුරා සීඝ්රයෙන් පැතිර යන ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය ඉදිරි සති කිහිපය තුළ වඩාත් අවධානම් තත්ත්වයක් පෙන්නුම් කළ හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා.
ඒ පිළිබඳ අවධානය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවමින් දැනුම්දී ඇත්තේ ඉදිරි සති 6 ත්, 8 ත් අතර කාලය තුළ යුරෝපයේ ජනගහනයෙන් හරි අඩකට පමණ ඔමික්‍රෝන් ප්රාභේදය වැළැදීමේ හැකියාව ඇති බවයි.
මේ වසරේ ජනවාරි මස මුල් සතිය තුළ පමණක් යුරෝපයෙන් හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 7 ඉක්මවා තිබීමද මෙම අවධානම් තත්ත්වය මැනවින් පෙන්නුම් කරන්නක් බවයි ලෝක සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ.