කොවිඩ් හේතුවෙන් චීනය සීමා දැඩි කරයි

කොවිඩ් හේතුවෙන් චීනය සීමා දැඩි කරයි

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ සීමා කිරීම් දැඩි කිරීමට චීනය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා ක⁣ළේ මෙම තත්ත්වය හේතුවෙන් මිලියන ගණනක ජනතාවට නිවෙස් තුළට සීමාවීමට සිදුව ඇති බවයි.

හෙනාන් ප්‍රාන්තයේ අන්යැන්ග් නගරය සම්පූර්ණයෙන්ම අගුලු දැමීම හේතුවෙන් මිලියන පහක් පමණ වන එහි වැසියන්ට නිවෙස් තුළට කොටුවන්නට සිදුව ඇති බව පැවසෙනවා..

එම ප්‍රාන්තයේ ෂෙන්ග්ෂු නගරයේ පාසල් සියල්ල වසා දමා ඇති අතර පොදු ස්ථාන ,අවන්හල් ආදියේ මහජන ඒකරාශිවීම්වලට ද දැඩි සීමා කිරීම් පනවා තිබෙනවා.

මේ අතර චීනය විසින් ඔමික්‍රොන් ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස ඇමරිකාවේ සිට පැමිණෙන ගුවන් ගමන් අත්හිටුවීමට සහ සීමා කිරීමට ද කටයුතු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.

Share This