පාකිස්ථාන ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්?
වත්මන් පාකිස්ථාන ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එරට විපක්ෂය සූදානම් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
පාකිස්ථාන විපක්ෂ නායක පවසන්නේ මේ සම්බන්ධයෙන් විපක්ෂයේ සෙසු පක්ෂ සමග සාකච්ඡා කරමින් ඇති බවයි.
ජනවාරි මස 25 වනදා මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවත් මීට සමගාමීව ආණ්ඩුවට එරෙහිව රටපුරා විරෝධතා සංවිධානය කරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
මෙි වන විට පාකිස්ථානය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
පාකිස්ථාන රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව පිරිහී ඇත්තේ ඉතිහාසයේ ඉහළම අවප්‍රමාණවීම වාර්තා කරමින් වන අතර මෙම තත්ත්වයට මූලිකවම වගකිය යුත්තේ අගමැති ඉම්රාන් ඛාන්ගේ ප්‍රධානත්වයෙන් යුත් වත්මන් පකිස්තාන ආණ්ඩුව බවයි එරට විපක්ෂනායකවරයා පවසන්නේ.