කළු ගඟේ දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි 10 හැවිරිදි දරුවාගේ සිරුරත් සොයා ගැනේ (වීඩියෝ)

කළු ගඟේ දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි 10 හැවිරිදි දරුවාගේ සිරුරත් සොයා ගැනේ (වීඩියෝ)

ශ්‍රී පාද වන්දනාවේ යමින් සිටියදී සිරිපාගම, ශ්‍රී පලාබද්දල ප්‍රදේශයේ කළු ගඟේ දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි 10 හැවිරිදි දරුවාගේ සිරුර මේ වනවිට සොයාගෙන තිබෙනවා.

මෙම අවාසනාවන්ත සිද්ධියට සිව්දෙනෙකු මුහුණ පෑ අතර ඉන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ශ්‍රී පාද වන්දනාවේ යමින් සිටි 13 දෙනෙකුගෙන් යුත් පිරිසක් ශ්‍රීපාද පලාබද්දල ප්‍රදේශයේ කළුගෙඟ් දිය නා ඇත්තේ ඊයේ (15) පස්වරුවේයි.

එහිදී ජල පහරකට හසුවී සිව්දෙනෙකු දියේ ගිලී ඇති අතර, දිවි ගලවා ගැනීමට හැකි වුණේ එක් පුද්ගලයෙක්ට පමණයි.

සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ එකම පවුලේ පියෙකු, පුතෙකු හා 23 හැවිරිදි හමුදා සෙබලෙක්.

මෙලෙස මරණයට පත්වූ 40 හැවිරිදි පියා සහ ඔහුගේ පුත්‍රයා පදිංචිව සිටියේ අඟුරුවාතොට උඩුවර නව නිවාස ප්‍රදේශයේයි.

යගිය අනෙක් පුද්ගලයා පනාගොඩ යුධ හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ අඟුරුවාතොට, උඩුවර, උක්කල්ල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි හමුදා සෙබලෙක්.

මියගිය පුද්ගලයින්ගේ සිරුරු මේ වනවිට රත්නපුර මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබෙනවා.

Share This