ජොකොවිච් ඕස්ට්‍රේලියාවෙන් පිහිටුවහල් කරයි

ජොකොවිච් ඕස්ට්‍රේලියාවෙන් පිහිටුවහල් කරයි

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච් විසින් ගොනුකර තිබූ අභියාචනය ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

නොවැක් ජොකොවිච් විසින් මෙම අභියාචනය ගොනුකර තිබුණේ ඕස්ට්‍රේලියා රජය විසින් සිය වීසා අවලංගු කිරීමට එරෙහිවයි.

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගී වීම සදහා පැමිණි නොවැක් ජොකොවිච්ට එරටට ඇතුළු වීමට වසර නොලැබී ගියේ කොවිඩ් නීතී උල්ලංඝණය කර තිබීම හේතුවෙන්.

ඊට එරෙහිව ඔහු අභියාචනයක් ඉදිරිපත් කර තිබුණු අතර එය අද එරට ෆෙඩරල් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරුණා.

ඒ අනුව ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච් ඕස්ට්‍රේලියාවෙන් පිහිටුවහල් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Share This