කුඩා දැරියකගේ මළ සිරුරක් බැරලයක තිබී හමුවෙයි

කුඩා දැරියකගේ මළ සිරුරක් බැරලයක තිබී හමුවෙයි

ඕස්ට්‍රේලියාවේ බැරලයක තිබී කුඩා දැරියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ පසුගියදා සිඩ්නි අසල කඳුකර ප්‍රදේශයෙන් අතුරුදන් වූ නව හැවිරිදි දැරියක් බවට විශ්වාස කෙරෙන බව එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

පොලිසිය සඳහන් කරන්නේ සිඩ්නිවල මහල් නිවාසයක දී 31 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන මිනීමැරුම් චෝදනාවට ලක් කර ඇති බවයි.

අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර මෙම  දැරිය පසුගිය බ්‍රහස්පතින්දා අතුරුදන් වන විට සිය මව සමඟ නිවාඩුවක් ගත කරමින් සිටින බවත් සඳහන්.

Share This