ගිනි කන්ද පිපිරීමෙන් මුහුදේ තිබූ සන්නිවේදන කේබලයකට දැඩි හානි -අලුත්වැඩියාවට සති හතරක්
මුහුදු පත්ලේ ගිනි කඳු පිපිරීමක් හේතුවෙන් හටගත් සුනාමි රළ පැසිෆික් සාගරයේ ටොංගා රාජ්‍යයට කඩා වැදුණේ පසුගිය සෙනසුරාදා(15) දිනයේයි.
මෙම කම්පනය හේතුවෙන් විනාශ වී ඇති මුහුද යට ඇති ප්‍රධාන සන්නිවේදන කේබලයක් අලුත්වැඩියා කිරීමට අවම වශයෙන් සති හතරක් ගතවනු ඇතැයි නවසීලන්ත විදේශ අමාත්‍යාංශය සඳහන් කරනවා.
ගිනිකඳු පිපිරීම අතරතුරේදී මෙම කේබලය විසන්ධි වීමෙන් , සන්නිවේදනය අඩාල වී පැසිෆික් දූපතට සම්බන්ධතා පවත්වා ගැනීමේදී ගැටළුකාරී තත්ත්වයන් පැන නැගුණා
මෙම පිපිරීමෙන් සුනාමියක් ද ඇති වූ අතර, බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඇතුළුව අවම වශයෙන් තිදෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
හානි සිදුවූ කලාපයට අත්‍යවශ්‍ය සැපයුම් ලබා ගැනීම සඳහා සහන කණ්ඩායම් පැය විසිහතර පුරාම වැඩ කරමින් සිටින බවයි පැවසෙන්නේ.
නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “එක්සත් ජනපද කේබල් සමාගමක් වන SubCom පවසා තිබෙන්නේ ටොංගාහි කේබල් සම්බන්ධතාවය අලුත්වැඩියා කිරීමට අවම වශයෙන් සති හතරක් ගතවනු ඇති බවයි.