ඝානාවේ දැවැන්ත පිපිරීමක් -17ක් මරුට :59කට තුවාල (VIDEO)
බටහිර ඝානාවේ පතල් නගරයක් ආසන්නයේ සිදුවූ දැවැන්ත පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
බොගෝසෝ නගරය ආසන්නයේදී පතල් කැණීමේ පුපුරණ ද්‍රව්‍ය රැගත් වාහනයක් යතුරුපැදියක ගැටී පුපුරා යාමක් සිදුව ඇති බව එරට පොලිසිය පවසනවා.
අවම වශයෙන් පුද්ගලයින් 59 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් සමහරෙකුගේ තත්ත්වය බරපතල බව එරට ප්රවෘත්ති අමාත්‍ය Kojo Oppong Nkrumah සඳහන් කර තිබෙනවා.
ඝානාවේ ජනාධිපති Nana Akufo-Addo “තත්ත්වය පාලනය කිරීමට සහ උපකාර කිරීම සඳහා හමුදාව හදිසි ප්රයත්නයන්ට සම්බන්ධ කර ඇති බවත්, කඩිනම් සහන ගෙන ඒම සඳහා රටේ ආපදා කළමනාකරණ ඒජන්සියට දැනුම් දී ඇති බවත් සඳහන් කර සිටිනවා.
ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර ජනතාවට එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබෙන බවයි පැවසෙන්නේ
“දෙවන පිපිරුමක් වළක්වා ගැනීමට” සහ එම ස්ථානය ආරක්ෂා කිරීමට පොලිස් සහ හමුදා පිපිරුම් විශේෂඥයින් කණ්ඩායමක් යොදවා ඇති බව එරට රජය සඳහන් කරනවා.