ඔස්ට්‍රියාව කොවිඩ් එන්නත අනිවාර්යය කරයි

ඔස්ට්‍රියාව කොවිඩ් එන්නත අනිවාර්යය කරයි

කොවිඩ් සීමා කළ නොහැකි හෙයින් කොවිඩ් එන්නත ලබා ගැනීම ඔස්ට්‍රියාව අනිවාර්යය කර තිබෙනවා

මේ වනවිට ඔස්ට්‍රියානු පදිංචිකරුවන්ගෙන් සියයට 72ක් කොවිඩ් එන්නත ලබාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම කොරෝනා එන්නත්කරණය අනිවාර්යය කිරීම නීතිගත කළ ප්‍රථම යුරෝපීය රට ඔස්ට්‍රියාවයි

ඔස්ට්‍රියාවේ පාර්ලිමේන්තුව විසින් එන්නත් ලබාගැනීම අනිවාර්යය කිරීම අනුමත කර තිබෙනවා

ඒ අනුව වැඩිහිටියන් සඳහා ලබන මාසයේ සිට එන්නත් ලබාගැනීම අනිවාර්යය කෙරෙනු ඇති.

ආසන 183 කින් යුත් පාර්ලිමේන්තුවේ දී එයට පක්ෂව ඡන්ද 137 ක් සහ විපක්ෂව ඡන්ද 33 ක් ලබා ගනිමින් නව ව්‍යවස්ථාව සම්මත වීමත් සමග මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පෙබරවාරි 4 දින සිට බලපැවැත්වෙන නව නීතිය යටතේ,එන්නතට එරෙහිව රැඳී සිටින අයට ඒ පිළිබඳව හඳුන්වාදීමේ අදියරකින් පසු මාර්තු මාසයේ මැද භාගයේ සිට පූර්ණ කොරෝනා එන්නත්කරණය නොලැබූවන්ට යුරෝ 3,600 ක දඩයක්ද පැනවෙනවා.

Share This